Kitchen
චිකන් වරුවාල්
අවශ්‍ය ද්‍රව්‍ය
කුකුල් මස් - 750g
තක්කාලි -50g
ඉඟුරු - 20g
බැදගත් මිරිස් කුඩු තේ හැඳි -2
බැදගත් තුනපහ කුඩු -10g
ගම්මිරිස් කුඩු තේ හැඳි - 1
කෝන්ෆ්ලවර් තේ හැඳි -1/2
සුදු ලූනු - 50g
ලුණු පදමට
ලූනු - 50 g
සාදන ක්‍රමය -:
කුකුල් මස් කොටු ලෙස කපා ගෙන සෝදා එයට ලුණු ගම්මිරිස් ස්වල්පයක් දමා තම්බන්න.
පසුව
සාස්පානයක් ගෙන එයට ලූනු , තක්කාලි ,සුදු ලූනු ,ඉඟුරු,තුනපහ ,මිරිස්
කුඩු,ගම්මිරිස් සහ ලුණු දමා වතුර ස්වල්පයක් එක්කර මඳගින්නේ පිසින්න.
ඉන්පසු එයට කුකුල් මස් එකතු කරන්න.අවසානයේ වතුර ටිකකින් දියකරගත් කෝන්ෆවර් එකතු කරන්න.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks